තෑගී ගේන සිරස - ශක්ති පොත් යාත්‍රාව..

නත්තලේ තෑගි අරන් සිරස - ශක්ති පොත් යාත්‍රාව,ඔබ සොයා හෙට එනවා..

by Staff writer 24-12-2022 | 8:43 PM

COLOMBO ( News 1 st ) - නත්තල ළඟයි... වෙනදා නම් නත්තල් කාලයට නිව්ස් ෆස්ට් නත්තල් කලාපය මේ වෙලාව වනවිට  අතුරු සිදුරු නොමැතිව ජනතාවගෙන් පිරි ගොසින් ය.

නමුත් රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ  නත්තල් සැණකෙළි වෙනුවට අපේ රටේ පුංචි දූ දරුවන්ට පිහිටක් වීමට  අපි තීරණය කළෙමු.

ඒ අනුව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ලංකා සභාවේ කොළඹ රදගුරු අතිගරු, දුෂ්‍යන්ත රොද්‍රිගු හිමිපාණන් ගේ සහභාගීත්වයෙන් අපි සිරස ශක්ති පොත් යාත්‍රාව ආරම්භ කළ අතර ළඟ එන නත්තලේදී රට වටේම ඉන්න පුංචි දුවා දරුවන්ට අලුත් පාසල් වාරය සඳහා පොත්පත් ඇතුළු උපකරණ පරිත්‍යාග කිරීමට සියල්ල සුදානම් ය.

'අළුත් පොතක්  සතුටු හිතක්' සිරස ශක්ති පොත් යාත්‍රාව වැඩසටහනේ පොත් බෙදාදීම් හෙට(25) සිට ආරම්භ වේ.
සිරස ශක්ති පොත් යාත්‍රාව ආරම්භ වෙන්නේ, අපේ රටේ දුෂ්කර පළාත් වල සිටින දරුවන් වෙනුවෙන් එළඹෙන නව වසර වෙනුවෙන් නව පොත් හා පාසල් උපකරණ බෙදාදීමේ අරමුණෙනි.

සිරස ශක්ති පොත් යාත්‍රාව වැඩසටහන සඳහා පොත් රැස් කිරීම ආරම්භ වුණේ දෙසැම්බර් 01 වැනිදා සිටයි.

එදා සිට අද(24) දක්වා පොත් රැස් කිරීමේ කටයුතු රත්මලාන ස්ටයින් ස්ටුඩියෝ,දෙපානම මැදිරි සංකිරණයේදී, නිවුස් ෆස්ට් ප්‍රධාන කාර්ලයාලයේදී,කොළඹ එචලන්ඩ් පරිශ්‍රයේදී සහ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී සිදුවිණි.

හෙට(25) දිනයේ සිරස ශක්ති පොත් යාත්‍රාව කුරූණැගල හා මහනුවර බලා පිටත් වීමට නියමිතයි.