ආශු මාරසිංහගේ නින්දිත ක්‍රියාව හෙළා දකිනවා

ආශු මාරසිංහගේ නින්දිත ක්‍රියාව හෙළා දකිනවා - රැන්ඩි පදනම

by Staff writer 24-12-2022 | 10:33 PM

COLOMBO ( News 1 st ) - සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල සංවිධානයක් වන රැන්ඩි පදනම පවන්නේ, සත්ත්ව අපයෝජනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ මෙම නින්දිත ක්‍රියාව හෙළා දකින බවයි. 

ඔවුන් ආණ්ඩුවට බලකරන්නේ මේ සිදුවීම පිළිබඳ දැඩි විමර්ශනයක් සිදුකර එය සත්‍යනම්, මහාචාර්ය ආශු මාරසිංහ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්මත කිරීමේ අවශ්‍යතාව ද මෙයින් පැහිදිලි වන බව රැන්ඩි පදනම පෙන්වා දී තිබේ.