අතුරුදන් වූ එප්පාවල දරුවා රිකිල්ලගස්කඩින් සොයාගැනේ

අතුරුදන් වූ එප්පාවල දරුවා රිකිල්ලගස්කඩින් සොයාගැනේ..

by Staff writer 24-12-2022 | 8:33 AM

COLOMBO ( News 1st ): එප්පාවල, කිරලෝගම ප්‍රදේශයේ අතුරුදන් වූ 9 හැවිරිදි පිරිමි දරුවා මහනුවර, රිකිල්ලගස්කඩ ජොන් ජෝස්ලන්ඩ් වතුයායෙන් සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, දරුවා රැගෙන ගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවයි. ඊට භාවිතා කළ ත්‍රීරෝද රථයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ. පසුගිය 19 වැනිදා රාත්‍රියේ සිට දරුවා අතුරුදන්ව සිටියේ ය. දරුවා අතුරුදන් බවට මව කළ පැමිණිල්ලකට අනුව පොලිසිය මේ පිළිබඳ පුළුල් විමර්ශන ආරම්භ කළේ ය.