.webp)
ශ්‍රී ලංකා රේගුව පැවසුවේ, ස්පාඤඤය,එක්සත් රාජධානිය, බ්‍රිතාන්‍ය , ජර්මනිය, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මෙරටට ආනයනය කරන ලද සැක සහිත පාර්සල් 7 ක් රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සඳහා රඳවාගෙන ඇති බවයි.
ලැබුම්කරුවන් නිෂ්කාශනය කර ගැනීමට ඉදිරිපත් නොවීම හමුවේ ඊයේ (22) මෙම පර්සල් පරීක්ෂා කර තිබේ.
එහිදී සෙල්ලම් බඩු සහ ආහාර අඩංගු ටින් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.
මත්ද්‍රව්‍ය තොගයේ කුෂ් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4673 ක් සහ මෙතම්ෆටමයින් අඩංගු මත් පෙති 9586 (ග්‍රෑම් 4009) ක් තිබී ඇති අතර ඒවායේ වෙළඳපළ වටිනාකම රුපියල් 70,095,000/= ක් සහ රුපියල් 95,860,000/= ක් බවට තක්සේරු කර ඇත.