තද සුළං ඇති විය හැකියි

තද සුළං ඇති විය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 23-12-2022 | 9:00 PM

COLOMBO (News 1st) - උතුරු, වයඹ හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ත් 50ත් දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙනි. 

එම පීඩන අවපාතය මේ වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 370ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ අනාවකියේ සඳහන් වේ.