සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල ගණන් අඩු කරයි

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩු කරයි..

by Staff writer 23-12-2022 | 9:03 PM

COLOMBO (News 1st) - එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩු කර තිබේ. 

ඒ අනුව සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 4කින් අඩු කර රුපියල් 220කට ලබාදෙයි.

ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 5කින් අඩු කර ඇති අතර, නව මිල රුපියල් 285කි.

බී ළුණු කිලෝ ග්‍රෑම් නව මිල රුපියල් 185කි.

රතු පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 11කින් අඩු වී ඇති අතර නව මිල රුපියල් 374කි. 

රුපියල් 15කින් අඩුවී ඇති ග්‍රෑම් 425 දේශීය ටින් මාළු එකක නව මිල රුපියල් 475කි.

මිරිස් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 15කින් අඩුවී ඇති අතර නව මිල රුපියල් 1780කි.

තායි හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 1100කි.