ආශු මාරසිංහ ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ආශු මාරසිංහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරින් ඉල්ලා අස්වෙයි

by Staff writer 23-12-2022 | 2:08 PM

COLOMBO (News 1st) – ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.  

ඒ මහතා පෞද්ගලික හේතුවක් මත අදාළ තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.