.webp)
ඒ මහතා පෞද්ගලික හේතුවක් මත අදාල තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද(23) මාධ්‍ය හමුවක් කැඳවමින් මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඉල්ලා අස්වීම පිළිබඳව අනාවරණයක් කළා ය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය හමුවට පැමිණියේ මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ පෙම්වතියකව සිටි බව කියන ආදර්ශා කරදන නම් කාන්තාවක් ද සමගයි.
එම කාන්තාව පැවසුවේ, ආශු මාරසිංහ මහතා තම සුරතල් සුනඛයාව ලිංගික හිංසනයකට ලක්කර ඇති බවය.
ඒ අනුව, ආදර්ශා කරදන මහත්මිය ප්‍රකාශ කළේ, තමන් මේ පිලිබඳව ජනාධිපති බිරිඳට සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම්දුන් බවය.