අමෙරිකාවේ ශීත අධිකම නත්තල මෙම වසරේදී

සීත සෘතුවත් සමග අමෙරිකානු වැසියන් මිලියන 90කට කාලගුණ අනතුරු ඇඟවීම්

by Staff writer 22-12-2022 | 5:00 PM

COLOMBO ( News 1 st ) - සීත සෘතුවත් සමග අමෙරිකානු වැසියන් මිලියන 90කට කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එරට කාලගුණ විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ, දශක හතරකට පසුව එළඹෙන ශීත අධිකම නත්තල මෙය වන අතර 'එලියට්' නමින් හැඳින්වෙන දරුණු හිම කුණාටුවක්ද මෙම තත්ත්වය තවත් උග්‍ර වීමට බලපානු ඇති බවයි.

අමෙරිකාවේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඍණ අගයක් ගන්නා බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. 

පවතින කාලගුණයේ බරපතළ භාවය හේතුවෙන් කෙන්ටකි සහ නොර්ත් කැරොලයිනා ප්‍රාන්තවල හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.