.webp)
ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ, අද(22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
තමා වෙත ඉදිරිපත් කළ ජනතා ගැටලුවලින් 50% ක් පමණ රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබා දිය හැකි ඒවා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ, එම ගැටලු විසඳීමට ජනාධිපතිවරයා නොව ඇමතිවරයෙකු හෝ කොළඹ සිට පැමිණීම අනවශ්‍ය බවයි.
ඒ අනුව රාජ්‍ය ආයතන, මනා සම්බන්ධීකරණයකින් උපරිම ජනතා සේවයක් ඉටුකිරීමට කැපවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම පිළිබඳව සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සකස් කළ වාර්තාවක් පෙබරවාරි 04 වැනිදාට පෙර තමා වෙත ලැබීමට සළස්වන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් අතර ජනාධිපතිවරයා පැවසුවේ, එසේ වාර්තාවක් ඉදිරිපත් නොකළහොත් තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියාකරන බවයි.
මේ අතර “ලෝකාන්තය” නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පට්ටිපොළ – බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ රජයට අයත් ඉඩම් පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වැවිලි අමාත්‍යාංශය සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වාර්තාවක් සකස් කර මාසයක් තුළ එය තමාවෙත ලබාදෙන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
වැවිලි සමාගම්වලට ලබාදී ඇති සියලු ඉඩම් බලපත්‍ර අහෝසි කර පෙබරවාරී 4 වැනිදාට පෙර ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසුවේ ය.
ඊළග දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට මාසයකට පෙර දිස්ත්‍රික්කයේ පවතින ගැටලු පිළිබඳ වාර්තාවක් සකස් කර, නිලධාරීන් එම රැස්වීමට සහභාගී විය යුත්තේ වාර්තාවේ ඇති ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් ද සමග බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයා සඳහන් කළේ, හෝටර්න් තැන්න ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් ද ගෙනඑන බවයි.