.webp)
කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් පරිදි චීන රජය විසින් ඉන්ධන ලීටර් මිලියන 10.06ක් මෙරටට ලබා දුන් බවයි.
ඉන් ලීටර් මිලියන 6.98 ක් මෙලෙස වී වගාවේ නියුතු ගොවි ජනතාවට ලබා දෙනු ඇති.
ඉතිරි කොටස මෙරට ධීවර කටයුතු සඳහා ලබාදීමට නියමිතයි.
ඉන්ධන බෙදාහැරීම ඒ ඒ දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා ලද ඛනිජතෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් මගින් සිදු කෙරේ.