.webp)
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක, රුවන් විජයවර්ධන සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හෙයිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීය.
පුනර්ජනනීය බලශක්තිය 70% ක ඉලක්කයකට ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබාගැනීම, කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළෙඳපොළ සොයා යෑම යන ඉලක්ක තුන සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, සහනදායි දේශගුණික මූල්‍යකරණය, කාබන් බැර කිරීම, කාබන් වෙළෙඳපොළ, පුනර්ජනනීය බලශක්තිය සහ හයිඩ්‍රජන් වැනි අනාගත බලශක්ති ප්‍රභව පිළිබඳව මෙම හමුවේදී එරික් සෝල්හයිම් මහතා සිය ජාත්‍යන්තර දැනුම නිලධාරීන් සමග හුවමාරු කර ගත් බවයි.
ඉන්දියාව සහ චීනය වැනි රටවල් පුනර්ජනීය බලශක්තියෙන් ප්‍රබල වාසි රැසක් හිමිකර ගෙන ඇති බව මෙහිදී පෙන්වා දුන් සෝල්හයිම් මහතා ශ්‍රී ලංකාවට ද එම වාසි අත් කර හැකි බව මෙහිදී පෙන්වා දී තිබේ.
එසේම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට බලපා ඇති සියලු ප්‍රශ්න විසඳනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද මෙහිදී සෝල්හයිම් මහතා වැඩිදුරටත් පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
වේගයෙන් වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති අංශයට යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු රටවල ආයෝජකයන් විශාල වශයෙන් සිටින බව මෙහිදී රුවන් විජේවර්ධන මහතා පෙන්වා දී තිබේ.