.webp)
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, පසුගිය 8 සහ 9 දෙදින ගවයින් මියගොස් ඇත්තේ, වසංගතයක් නිසා නොව, ශීත කාලගුණය නිසා බව අනාවරණය වී ඇති බවයි.
එම තත්ත්වය යටතේ, මෙම අවසරය යළි ලබා දෙන බව, අදාළ නිවේදනයේ සඳහන් ය.
උතුරු හා නැගෙනහිර පළාත්වල ගවයින් හා එළුවන් 1800 කට අධික සංඛ්‍යාවක් මිය ගිය අතර එම සතුන් මියයාම සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයේදී අනාවරණ වූයේ අධික සීතල හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බවයි.