.webp)
ආර්ථික අර්බුද හේතුවෙන් පීඩනයට පත්ව සිටින ආර්ජන්ටිනා ජනතාව තුළ නව පිබිදීමක් ඇති වූයේ, පසුගිය ඉරිදා (18) රාත්‍රියේදී තුන් වැනි වරටත් ආර්ජන්ටිනා කණ්ඩායම පාපන්දු ලෝක ශූරයින් ලෙස කිරුළු පැළැඳීමත් සමගි නි.
සිය රට පැමිණි ලෝකශූර ආර්ජන්ටිනා ක්‍රීඩකයින් රතු පලස මතින් පිළිගත්තේ ය.
අනතුරුව ඔවුන් විවෘත රථයකින් බුවනෝර්ස් අයරේස් නගරයේ විථී සංචාරය කළේ, ක්‍රීඩා ලෝලීන්ට ජයග්‍රාහී කුසලානය ප්‍රදර්ශනය කරමිනි.
ලෝක කුසලානය රැගත් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා ක්‍රීඩකයින් සිය ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් සුබ පැතුම් මධ්‍යයේ එරට පාපන්දු මූලස්ථානයට වෙත පැමිණියේ ය.
මේ අතර ලෝක ශූර පාපන්දු කණ්ඩායම වෙනුවෙන් පිළි ගැනීමේ උත්සවය රැසක් සංවිධානය කර ඇත.