.webp)
සංචාරක ආරක්ෂක හා ක්‍රීඩා ක්ෂේත්රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂණ කැමරා පද්ධති සඳහා අවශ්‍ය උපකරණ ගෘහ භාණ්ඩ නිෂ්පාදන සඳහා අවශ්‍ය තුනී ලෑලි සහ ක්‍රීඩා උපකරණ ඊට අයත් බවයි.
ආනයන සීමා ලිහිල් කළ තුන් වැනි අවස්ථාව මෙය බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
2022 වසරේ ආනයන වියදම රුපියල් මිලියන 16055 ලෙස දැක්වුණු අතර 2021 දී එය දැක්වුණේ ඩොලර් 20 637 ක් ලෙසයි.