.webp)
මේ අනුමැතිය ලබාදී ඇත්තේ කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්වයි.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
"ආගමන විගමන දෙපාර්තමේන්තුව කොලඹ වරාය කොමිෂන් සභාවේ නිර්දේශ මත කොළඹ වරාය ව්‍යාපෘතියේ ඊට විශේෂිත වූ වීසා වර්ග කාණ්ඩ තුනක් යටතේ නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදුන්නා.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට කළ යෝජනාව අනුව වරාය නගරයට අදාළ වීසා වර්ග මේ.
වාස වීසා කාණ්ඩය යටතේ වරාය නගරයේ ආයෝජකයින් සඳහා ආයෝජන වීසා.
සේවා නියුක්තිකයින් වෙනුවෙන් සේවා නියුක්ත වීසා.
බදු පදනම මත වරාය නගරයේ වාසය කරන විදේශිකයින්ට සීපීසී නේවාසික දේපල බදු ගැනුම්කර වීසා.
කොළඹ වරාය නගරයේ පරිපාලන බලතල පාර්ලිමේන්තුවේ සම්මත කල පනතක් මගින් මේ වනවිට කොළළු වරාය නගර කොමිෂන් සභාවට පැවරී තිබෙනවා."