.webp)
පොලීසිය සඳහන් කළේ, අද (20) පස්වරු 1.30 ට පමණ අනතුර සිදුව ඇති බවයි.
කාන්තාවන් දෙදෙනා බස් රථයකට ගොඩවීම සඳහා මාර්ගය අසල රැඳී සිටි අවස්ථාවේදී වෑන් රථයේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන කාන්තාවන් දෙදෙනාගේ ගැටී තිබේ.
මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචි, 55 හා 60 හැවිරිදි වියේ පසුවු කාන්තාවන් දෙදෙනෙකි.
වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.