විශ්වවිද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචිය ඇරඹේ

විශ්ව විද්‍යාලවල‌ට තේරුණු සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචිය අද සිට ඇරඹේ

by Staff writer 19-12-2022 | 2:09 PM

COLOMBO ( News 1st ) - 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරීපත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම අද(19) සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ ඒ වෙනුවෙන් සිසුන්ට එස්.එම්.එස් පණිවුඩයක් හා ඊමේල් පණිවුඩයක් යොමු කෙරෙනු ඇති බවයි.

එසේම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස සිසුන්ට සිය විශ්ව විද්‍යාලයට හා පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැකි බවත්,මෙම මස 26 වැනිදා දක්වා මෙම ලියාපදිංචී වීම් සඳහා අවසර හිමිවන බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.