.webp)

ඒ, මාතලේ, පලුපිටිය ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත පානීය ජල ව්‍යාපෘතිය වෙනුවෙනි.
මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පලුපිටිය, අඩු පහසුකම්වලින් සමන්විත ගම්මානයකි.
ගොවිතැන ජීවිකාව කරගත් පවුල් 250කට වැඩි ප්‍රමාණයක් මෙම ගම්මානයේ ජීවත් වේ.
නමුත් ඔවුන්ට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකි වී දීර්ඝ කාලයක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට මෙම ගම්මානයේ වකුගඩු රෝගීන් 50කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වේ.
මෙම ගැටලුව පිළිබඳව ගම්මැද්ද දැනගැනීමෙන් පසු ඊට පිළියම් සපයන්න පියවර ගැනිණි.
ඒ අනුව අද නව ජල පිරිපහදු පද්ධතියක් ඉදිකිරීම සඳහා
පලුපිටිය ප්‍රාථමික විද්‍යාලයේදී මුල්ගල් තැබීය.
මෙම ව්‍යාපෘතිය තුළින් පාසල් දරුවන්ට පමණක් නොව ගම්මානයේම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම අපේක්ෂිතයි.
ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබාදීමට ඉදිරිපත් වූයේ අයි.ඩී.ඒ. සොයිසා ට්‍රස්ට් පදනමයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වකුගඩුරෝග නිරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තාක්ෂණික සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
නුදුරේදීම මෙම ව්‍යපෘතිය නිමවා මෙම ජනතාවට ලබාදීම ගම්මැද්දේ අපේක්ෂාවයි.
