.webp)
COLOMBO (News 1st) – මිනිස් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ඩුබායි හා ඕමානය බලා ගිය විමර්ශන කණ්ඩායම දිවයිනට පැමිණ ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
පසුගිය 10 වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(CID) නිලධාරින් දෙදෙනෙකු හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරින් 4 දෙනෙකු ඇතුළත් විය.
මේ අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ, මේ වනවිට සංචාරක වීසා මත ගොස් දුෂ්කරතාවට පත්වූ කාන්තාවන් 30 දෙනෙකු ඕමානයේ සුරක්ෂා නිවස්නයේ ද 60කට ආසන්න පිරිසක් ඩුබායිහි සුරක්ෂා නිවස්නයේ ද රැඳී සිටින බවයි.