ප්‍රදේශ කිහිපයක වායු දූෂණ තත්ත්වය යළි ඉහළට

ප්‍රදේශ කිහිපයක වායු දූෂණ තත්ත්වය යළි ඉහළට

by Staff writer 19-12-2022 | 12:33 PM

COLOMBO ( News 1 st ) - ප්‍රදේශ කිහිපයක වායු දූෂණ තත්වය අද(19)  ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දී තිබේ.

අද(19) දිනයේ  වැඩිම අගයක් වාර්තා වන්නේ, මඩකලපුව ප්‍රදේශයෙනි.

එම අගය 112 ක් ලෙසින් දැක්වුණ අතර හම්බන්තොට ප්‍රදේශයේ වායු ගුණාත්මක අගය  66 දක්වා ඉහළ ගොස් තිබේ.

මන්නාරම ප්‍රදේශයේ වායු ගුණාත්මක භාවය දැක්වෙන්නේ, 52 ක් ලෙසිනි.

අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයකම වායූ දූෂණ මට්ටම 100 ඉක්ම වූ අගයක පැවති අතර එම දර්ශකයට අනුව 150 කට වැඩි වායූ දූෂණ මට්ටම යනු අයහපත් තත්ත්වයකි.