දේශීය ආදායම් කෙටුම්පතට කථානායකගේ සහතිකය

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

by Staff writer 19-12-2022 | 4:45 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේ ය. 

එය පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කෙරිණ. 

ඒ අනුව රුපියල් ලක්ෂයට වැඩි මාසික අදායම් මත  6% සිට 36% දක්වා බදු අයකිරීම ජනවාරි මාසයේ සිට සිදු කෙරෙනු ඇති.

දේශිය ආදායම් බදු පනත සංශෝධනය කිරීම තුළ ආදායම් බදු වෙනස් වෙන්නේ කෙසේද...?

මාසික ආදයම රුපියල් ලක්ෂයක් දක්වා නව සංශෝධන තුළින් බද්දෙන් නිදහස් කර තිබේ. 

නමුත් ලක්ෂය ඉක්මවන ආදායම් මත  6% සිට 36%දක්වා ආදායම් කාණ්ඩ 6 ක් යටතේ බදු අය කිරීමට යෝජිතයි.

ඒ අනුව මසකට රුපියල් 350,000 ක අදායමක් ලබන අයෙකු අදාළ බදු කාණ්ඩ 6 ටම යටත්වන අතර ඔහු මසකට ගෙවිය යුතු බද්ද රුපියල් 52,500කි.