.webp)

සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට සංවිධානය කළ විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය ඊයේ පස්වරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
රැස්ව සිටි ජනතාව සමග සුහද කතා බහක නිරත වෙමින් ගාලු මුවදොර පිටිය අභියස සැණකෙළි භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයාට එහි රැස්ව සිටි පිරිසගෙන් ඉතා සුහදශීලි පිළිගැනීමක් හිමි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය දෙසැම්බර් 23 වැනිදා දක්වා රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.30 දක්වා පැවැත්වේ.
