English
தமிழ்
කර්තෘ Staff writer
19 Dec, 2022 | 8:04 am
COLOMBO (News 1st) – ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශගත කිරීම නතර කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්ත්‍රර සංක්‍රමණික දිනය සැමරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.
''මාර්තු මාසයේ 31 වැනිදායින් පස්සේ අපේ රටෙන් ගෘහසේවයට කාන්තාවෝ යන්නේ නැහැ. ගෘහසේවය කියන කාරණාවට එයා ගිහිල්ලා ඇඩ්වාන්ස් හවුස් කීපර් කියන අපි පුහුණුව වැඩිකරලා එන්වී.කිව් සහතිකයක් දිලා එතනින් එහාට ස්කිල් පාස්පෝස්ට් එකක් සහිත පුද්ගලයෙක් තමයි මාර්තු මාසයේ 31 වැනිදායින් පස්සේ යන්නේ කිසිම ආකාරයකින් අඩු දැනුම පුහුණුව තියෙන කාන්තාවන් විදේශගත කරන්න ඉඩ දෙන්නේ නැහැ''
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්‍යනුකූලව මෙරටට ගෙන්වා ගැනීම සඳහා ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ,ඔවුන් සඳහා වාහන ආනයන බලපත්‍රයක් හඳුන්වාදීම මෙන්ම මනුසවි විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවයි.
විදේශගත වන ශ්‍රමිකයාට ගුවන් තොටුපොළේදී පිළිගැනීමක් ලබාදීම සඳහා හෝප් ගේට් නමින් විශේෂ දොරටුවක් විවෘත කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මේ අතර වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 කට අධිකයි.
වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ, කුවේට් රාජ්‍යයට වන අතර එම සංඛ්‍යාව 76,579 කි.
කටාර් රාජ්‍යයට 69,992 දෙනෙක්ද, සෞදි අරාබිය සඳහා 51,421 දෙනෙකුද පිටත්ව ගොස් තිබේ.
ජපානය සඳහා පිටත්ව ගොස් ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 4,410 කි.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS