.webp)
නාවික හමුදාව සඳහන් කළේ මියන්මාරයේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන් කරමින් තිබු මගී ප්‍රවාහන යාත්‍රාවක ඇති වූ කාර්මික දෝෂයක් මීට හේතු වී ඇති බවයි.
වෙත්තලකේනි ප්‍රදේශයට නාවික සැතපුම් 3.5ක් පමණ උතුරු දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ මෙම යාත්‍රාව අනවසරයෙන් පැමිණ ඇති බව සඳහන් වේ.
ඒ අනුව පියවර ගත් ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන් නිරුපද්‍රිතව මුදාගැනීමට සමත්ව තිබේ.
ඔවුන් මේ වන විට කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර එම පිරිස ඉදිරි කටයුතු සඳහා අදාල පාර්ශ්වයන් වෙත යොමු කිරීමට නියමිතය.