දිනේෂ් ශාෆ්ටර්ගේ අවසන් කටයුතු අද..

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ අවසන් කටයුතු අද..

by Staff writer 18-12-2022 | 2:00 PM

COLOMBO ( News 1 st ) - ඝාතනය කෙරුණු මෙරට ප්‍රමුඛ පෙලේ මූල්‍ය සමාගමක කලමනාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රමුඛ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(18) පස්වරුවේ කොළඹදී සිදු කිරීමට නියමිතය.

බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැද දමා සිටියදී පසුගිය 15 වැනිදා පස්වරුවේ ශාෆ්ටර් මහතා සොයා ගැනුණ අතර ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් හතරක් යටතේ පරීක්ෂණ ක්‍රියාත්මකය.

ඊට අදාළ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.