.webp)
ඒ දේශපාලඥයින්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු පවුලේ හිතවතුන් රැසකගේ සහභාගීත්වයෙනි.
කොළඹ මල්පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහයට අද(18) පෙරවරුවේ සිට දේශපාලඥයින්, ක්‍රිකට් ක්‍රීඩකයින්, මෙරට ප්‍රමුඛ ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ දෙනෙක් පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූහ.
පසුව අද දහවල් 11 ට පමණ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ලංකා සභා දේවස්ථානයට රැගෙන ගිය අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දේහයට අවසන් ගෞරව දැක්වීමට දේවස්ථාන පරිශ්‍රයට පැමිණියේ ය.
ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ දිනේශ් ශාෆ්ටර් මහතාගේ දේහය බොරැල්ල පොදු සුසානභූමය වෙත රැගෙන ගිය අතර එහිදී දේහය භූමිදානය කර තිබුණේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙනි.
බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැද දමා සිටියදී පසුගිය 15 වැනිදා පස්වරුවේ ශාෆ්ටර් මහතා සොයා ගැනුණි.
ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් හතරක් යටතේ පරීක්ෂණ ක්‍රියාත්මකය.
ඊට අදාළ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.