.webp)
නාවික හමුදාව පැවසුවේ දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත්තේ ය.
එහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 128ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 106ක් හමුවී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන් වේ.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 14 කි.
ඔවුන් අවුරුදු 29ත් 59ත් අතර වයසේ පසුවන තංගල්ල, නාකුළුගමුව, කොස්ගොඩ සහ බලපිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ.
එම මත්ද්‍රව්‍ය තොගය පරික්ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාද සහභාගි වී තිබේ.
ඉදිරි නීතිමය කටයුතු සඳහා එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.
මෙම මත්ද්‍රව්‍ය තොගයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් රුපියල් බිලියන 28.05 කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේ ය.