ජල බිල්පත් නොගෙව්වොත් වැඩ වරදී..

ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ සැපයුම් ලබන මාසයේ සිට විසන්ධි කෙරේ..

by Staff writer 18-12-2022 | 2:05 PM

COLOMBO ( News 1 st ) - ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ සැපයුම් ලබන මාසයේ සිට විසන්ධි කරන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

එහි සහකාර සාමාන්‍යාධිකාරී, ඒකනායක වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, මාසික ජල බිල්පත් නොගෙවීම  40%කින් ඉහළ ගොස් ඇති බවයි.

රුපියල් මිලියන අට දහසක් දක්වා තිබූ නොගෙවූ බිල්පත් රුපියල් මිලියන හාර දහසක් දක්වා අඩු කරගෙන තිබෙන අතර එහෙත්, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් යළිත් රුපියල් මිලියන හය දහසක හිඟ බිල්පත් පවතින බව ද ඔහු සඳහන් කළේ ය.

දින 60ට වඩා වැඩි කාලයක් බිල්පත් නොගෙවූ සියලු ජල පාරිභෝගිකයින්ට නිවේදන නිකුත් කර තිබේ.

ඒකනායක වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ලක්ෂ 08 ක පමණ පිරිසක්, ජල බිල්පත් ගෙවීම මාස 03ක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රමාද කර ඇති බවය.