මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව තුන්වැනි වරටත් පාපන්දු ලෝක කුසලානය දිනාගනී

මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව තුන්වැනි වරටත් පාපන්දු ලෝක කුසලානය දිනාගනී

මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව තුන්වැනි වරටත් පාපන්දු ලෝක කුසලානය දිනාගනී

කර්තෘ Staff writer

18 Dec, 2022 | 11:45 pm

COLOMBO (News 1st) – ආර්ජන්ටිනාව තුන්වැනි වරටත් පාපන්දු ලෝක කුසලානය අද(18) දිනා ගැනීමට සමත් විය. 

ඒ, පසුගිවර ශූරයින් වූ ප්‍රංශයට එරෙහිව පැවැති 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලි⁣යේ, අවසන් තරගය ගෝල 4ට 2ක් (දඬුවම් පහර) ලෙස ජය ගනිමිනි. 

කටාර්හි ලුසෙයිලි ක්‍රීඩාංගනයේදී ප්‍රේක්ෂකයන් 88,000කට අධික පිරිසක් ඉදිරියේ පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 2ට 0ක් ලෙස ආර්ජන්ටිනාව ඉදිරියෙන් සිටියේය.

දෙවැනි අර්ධයේදී ප්‍රංශය ද ගෝල 2ක් රැස් කළ අතර ඒ අනුව නියමිත කාලය අවසන් වූයේ දෙපිලම ගෝල 2 බැගින් රැස් කරගෙන සිටියදීය.

ඉන් අනතුරුව ජයග්‍රාහකයන් තීරණය කිරීමට අතිරේක කාලයක් ලබා දුන්නේය.

එහිදී දෙපිලම ගෝලය බැගින් රැස් කිරීම නිසා නැවතත් දෙපිලේම ලකුණු සම වීම හේතුවෙන් දඬුවම් පහර අවස්ථාව ලබා දුන්නේය.

එහිදී ආර්ජන්ටිනාව දඬුවම් පහර 4ක් සාර්ථක කර ගත් අතර ප්‍රංශයට සාර්ථක කර ගැනීමට හැකි වූයේ දඬුවම් පහර 2ක් පමණි.

ඒ අනුව තරගය අවසන් වූයේ ගෝල 4ට 2ක් ලෙස ආර්ජන්ටිනාවට ජය හිමිකර දෙමිනි.

ආර්ජන්ටිනා කණ්ඩායම 1986 වසරෙන් අනතුරුව පාපන්දු ලෝක කුසලානයක් දිනූ පළමු අවස්ථාව මෙය වේ.

එමෙන්ම පාපන්දු පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන ආර්ජන්ටිනා නායක ලියනොල් මෙසී සහභාගී වූ අවසන් ලෝක කුසලාන තරගය ද මෙය වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]