හෙද නි.ස්ථාන මාරුවලට මුදල් ගත් අයෙකු ගැන අනාවරණයක්

හෙද නිලධාරීන්ට ස්ථාන මාරු කඩිනමින් දෙන්න මුදල් ගත් අයෙකු ගැන අනාවරණයක්

by Staff writer 17-12-2022 | 5:03 PM

COLOMBO ( News 1 st ) - හෙද නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීම කඩිනමින් සිදුකළ හැකි බව පවසමින් , මුදල් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි , සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ ලේකම්, ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කළේ , මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි. 

සැකකරු , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ස්ථාන මාරු අයැදුම් කළ හෙද නිලධාරීන් අමතා එම ස්ථාන මාරුව කඩිනමින් ලබාදීමට මුදල් ඉල්ලා ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා  දී තිබේ.

ඔහු ප්‍රකාශ කළේ , ඇතැම් හෙද නිලධාරීන් ජංගම දුරකතන යෙදවුමක් හරහා ඔහුට මුදල් ලබා දී ඇති බවයි. 

මෙම පුද්ගලයා රුපියල් 10,000 සිට 50,000 දක්වා මුදල් ඉල්ලමින් සිදුකළ ප්‍රකාශවල හඬපට සහ සාක්ෂි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය හෙද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි කූට උපක්‍රමවලට හසු නොවී වාර්ෂික ස්ථාන මාරු ලබාදීමේ විධිමත් ක්‍රියාවලියට අනුගත වී සේවය කරන ලෙසයි.