කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලිය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දී මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතුයි - ජනපති

by Staff writer 17-12-2022 | 7:55 PM

COLOMBO ( News 1 st ) - දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ  කළේ,  දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට්  නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලියට අද(17) පෙරවරුවේ එක්වෙමිනි. 

දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව නිමකළ කැඩෙට්  නිලධාරීන් 351 දෙනෙකු  අධිකාරියට පත් කිරීම අද(17) දින සිදු කෙරුණ අතර විදේශ රටවල් 4 ක කැඩෙට් නිලධාරීන් ද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයකි.

කැඩෙට් නිලධාරීන්ගේ පෙළපාලිය පරීක්ෂා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා ධජය පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීම ද  සිදුකළේ ය.