.webp)
ඒ මොරොක්කෝව පරාජය කරමිනි.
කටාර්හි කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු තරගය ආරම්භ වී මිනිත්තු 7ක් වන විට පළමු ගෝලය රැස් කරන්නට ක්‍රොඒෂියාව සමත් වූ අතර එම ගෝලයට හිමිකම් කීවේ යෝස්කෝ ග්වාර්දියෝල් විසිනි.
ඉන් මිනිත්තු 2 කට පසු මොරොක්කෝව වෙනුවෙන් අශ්‍රෆ් ඩාරී පළමු ගෝලය රැස් කළේ ය.
ක්‍රොඒෂියාව තවත් ගෝලයක් රැස් කරන්නේ පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු 3ක් තිබියදීයි.
ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාව දුටුවේ ගෝල 2 - 1ක් ලෙස ක්‍රොඒෂියාව පෙරමුණ ගනිමිනි.
දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවූ අතර ක්‍රොඒෂියාව ගෝල 2 - 1ක් ලෙස තරගය ජය ගත්තේය.
තරගාවලියේ අවසන් මහා තරගය හෙට(18) රාත්‍රී 8.00 පැවැත්වීමට නියමිතය.
එම තරගය ද TV1 නාලිකාව ඔස්සේ ඔබට සජීවීව නැරඹිය හැකියි.