දරුවන්ගේ කෑම පෙට්ටියේ කෑම ගැනත් වාර්තා කරන්න

බෑග් චෙක් කරන නිලධාරීන්ට කියනවා, දරුවන්ගේ කෑම පෙට්ටියේ තියෙන, කෑම ගැනත් වාර්තා කරන්න කියලා - ජෝසෆ් ස්ටාලින්

by Staff writer 17-12-2022 | 8:14 PM

COLOMBO ( News 1 st ) - මත්ද්‍රව්‍ය ජාවාරම සහ එය මර්දනය කිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, රටේ දරුවන් බරපතල ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම බරපතල ගැටලුවක් බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, දරුවන්ගේ බෑග් පරීක්ෂා කරන නිලධාරීන් දරුවන්ගේ කෑම පෙට්ටියත් පරීක්ෂා කර වාර්තා කරන්නේ  නම්, අද වනවිට රට තුළ තිබෙන අර්බුදයේ යථාර්ථය අවබෝධ කරගත හැකි බවය.

දරුවන්ගේ පාසල් උපකරණ, සපත්තු හා අභ්‍යාස පොත් මිලදී ගැනීමේ ගැටලු වැනි, කතා කළ යුතු ප්‍රශ්න සියල්ල යට ගසමින්, පාසල් අසල පොලීසිය යෙදවීම හා  මත්ද්‍රව්‍ය ප්‍රශ්නය පිළිබඳව මහා කතිකාවක් නිර්මාණය වී තිබීමේ ඵලය කුමක්දැයි යන්න ඔහු ප්‍රශ්න කළේය.