.webp)

ඒ, ඊයේ (16) ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයෙකුගේ නිවසේ ඔහු දැනට ජීවත් වන අතර, ඔහුගේ නඩුවේ නීතිමය ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක් වීම නිසා නව නිවසකට යාමට ඉඩ ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීම සලකා බැලු අධිකරණය ධනුෂ්කට නව නිවසකට යාමට අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ලබන ජනවාරි 12 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
