.webp)
චීනය එකඟ වී ඇති මෙම වටමේස සාකච්ඡාව සඳහා පුද්ගලික අංශයේ ණය හිමියන් ද එක්වීමට නියමිතව තිබෙන අතර එහිදී ශ්රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය ගැන අදහස් හුවමාරු කර ගැනීමට යෝජිතයි.
මේ අතර විනිමය අනුපාත නිසි පරිදි ගැලපීම සහ ඉන්ධන සහනාධාර ක්රමවේදය ඉවත් නොකළහොත් නයිජිරියාවද ශ්රී ලංකාව මෙන් දැඩි ආර්ථික අර්බුදයකට පත්වනු ඇති බව නයිජිරියාවේ කඩුනා ප්රාන්තයේ, ආණ්ඩුකාර නසීරු එල් රුෆායි මහතා පෙන්වා දී තිබේ.
ඔහු මේ බව ප්රකාශ කළේ, ලෝක බැංකුව විසින් නයිජිරියා සංවර්ධන යාවත්කාලීන වැඩසටහනකට එක්වෙමිනි.