පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්..

පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්..

පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්..

කර්තෘ Staff writer

17 Dec, 2022 | 6:48 am

COLOMBO (News 1st) –  පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කර ඇතැයි ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි. 

එහි සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ, පළමු අදියරේදී කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් 200 ක් පුහුණු කෙරෙන බවයි.

මේ අතර, පාසල් සිසුන් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගැනීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ ය. 

එහි සභාපති උදය කුමාර මහතා පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලිසිය ඇතුළු අංශ සමග සාකච්ඡා කර එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර , පාසැල් තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා සිසුන්ගේ බෑග් අහඹු ලෙස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද මේ වන විට ක්‍රියාත්මකයි. 

අධ්‍යපානය අමාත්‍යාංශය පොලිසිය සමග එක්ව එය සිදු කරයි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]