.webp)
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එහි පළමු රැස්වීම පසුගිය දා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් කොමිසමේ සභාපති සුමිත් අබේසිංහ යන මහත්වරුන්ගේ සාභාගීත්වයෙන් පැවැත් වූ බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයට අනුව ජාතික ප්‍රතිපත්ති සැළසුම් කිරීම හා අධීක්ෂණය වෙනුවෙන් ජාතික සභාවක් පත් කළ බවත්, ඒ යටතේ අනුකමිටු 2 ක් ස්ථාපිත කළ බවත් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
එහි එක් කමිටුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් ය.
ඒ යටතේ මධ්‍ය හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සැකසීමේ ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුවක් පත් කර තිබේ.