පාසල් දරුවන් මතින් මුදා ගැනීමට රටපුරා වැඩසටහනක්

ජනවාරි 2 වැනි දා සිට පාසල් දරුවන් මතින් මුදා ගැනීමට රටපුරා වැඩසටහනක් - අධ්‍යාපන ඇමති

by Staff writer 16-12-2022 | 8:27 PM

COLOMBO (News 1st) - පොලීසිය සහය ඇතිව පාසල් දරුවන් සහ ඔවුන්ගේ බෑග් අහඹු ලෙස පරීක්ෂා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ.

ඒ, පාසල් තුළට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට පසුගිය දිනවල ලැබුණු වාර්තා පදනම් කර ගනිමිනි.

කළුතර උතුර පොලීසිය අද පරීක්ෂා කිරීමේ සිදු කළේ, පුහුණු සුනඛයින්ගේ ද සහය ලබා ගෙනයි.

පොලීසිය පාසල අවට ස්ථාන ද පරීක්ෂා කළේ ය.

මේ අතර ජනවාරි 2 වැනි දා සිට පාසල් දරුවන් මතින් මුදා ගැනීමට රටපුරා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.      

අමාත්‍යවරයා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අධ්‍යාපනය පිළිබඳව පළමු ද්විවාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණයකට එක් වෙමින් මේ බව කියා සිටියේ ය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,

පාසල් තුළට අද අයිස් වැනි මත්ද්‍රව්‍ය ගිහිල්ලා අද අපිට සිදු වෙලා තියෙනවා වෙනම ඒකත් එක්ක සටන් කරන්න. කලින් ඒක තිබුණේ නෑ. දැන් නීති සම්පාදනය කරලා තියෙනවා. විෂ මත්ද්‍රව්‍ය 178 ක් උපලේඛනගත කරලා තියෙනවා. කලින් තිබුණේ 04 යි. ගුරුවරු 144 ක් ටේන් කළා දවස් 3 ක් කොහොමද මේවා හඳුනා ගන්නේ ? දරුවොත් එක්ක මේ කටයුත්ත කරද්දී බොහොම පරිස්සමෙන් කරන්න ඔනි. දරුවන්ගේ ප්‍රශ්නයක් හඳුනා ගන්න එයාගේ මානසික මට්ටමට වැටෙන්න. කොහොමද ඒ අය කළමනාකරණය කරන්නේ කියන එක පිළිබඳව. මූලික ඉගැන්වීමක් මේ අයට නෑ. දැන් මට ඒකත් කරන්න වෙලා තියෙනවා. මුලින් ගුරුවරු ටික දැනුවත් කරලා ඉන්න ඇපැයි. පුහුණු කරලා ඉන්න ඇපැයි. මේක අන්තිමට ගිහිල්ලා රිප්ලෙක්ට් වෙන්නේ යුනිවර්සිටිවල. අපිට දැන් දිනපතාම පේනවා වර්තාවන සිද්ධින් එක්ක. පාසල් තුළට මේවා කාන්දු වීම, මේවා වළක්වන්න දැන් සඳුදා තියෙනවා මේනම සාකච්ජාවක් ලංකාවේ කලාප 100ටම මම මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. කොළඹින් ගත්ත ප්‍රයිලට් ප්‍රොජේක්ට් එකේ ප්‍රතිඵලත් එක්ක. අඩු වැඩි තැන් හදාගෙන ඒකට අපිට සම්බන්ධ වනවා ජාත්‍යන්තර සංවිධානයකුත් ඒ වගේම පොලීසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒ වගේම දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු, ජනවාරි 02 වැනි දා ඉඳලා හැම පාසලක්ම ආවරණය වන වැඩසටහනකටම අපි යන්න කටයුතු කරලා තියෙනවා.