මහේන්ද්‍රන්,ඇලෝසියස්ට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාගය

අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් ඇතුළු 9 දෙනාට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාගය මාර්තු 21 වෙනි දා

by Staff writer 16-12-2022 | 9:59 PM

COLOMBO (News 1st) - හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාගය සඳහා ලබන වසරේ මාර්තු 21 වෙනි දා කැඳවීමට පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (16) නියෝග කර තිබේ. 

නීතිපතිවරයා විසින් නඩුව පවරා ඇත්තේ, 2015 පෙබරවාරි 27 වැනි දා පැවති මහා බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688 ක අලාභයක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේයි. 

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල පූර්ව නඩු විභාගය සම්බන්ධයෙන් අවසන් වරට පැමිණිල්ලට දින ලබාදීම සිදු කළේ ය