වී වගාවට බලපාන වටපණු රෝගය

ප්‍රදේශ කිහිපයක වී වගාවට වටපණු රෝගයකින් බලපෑම්

by Staff writer 16-12-2022 | 9:43 AM

COLOMBO ( News 1 st ) - ප්‍රදේශ කිහිපයක වී වගාවට වටපණු  රෝගයකින් බලපෑම් එල්ල වී තිබේ.

බතලේගොඩ වී පර්යේෂණායතනයේ සහකාර අධ්‍යක්ෂ, එස්. ආර්. සරච්චන්ද්‍ර මහතා ප්‍රකාශ  කළේ කළුතර හා මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක වී වගාවේ මෙම රෝගය ව්‍යාප්ත වෙමින් ඇති බවයි.

මෙම මූල ගැටිති වට පණුවන් වී වගාව ආශ්‍රිතව  වැඩි වශයෙන් හඳුනාගෙන ඇති අතර මේ හේතුවෙන් අස්වනු හානියකට බලපෑම් ඇති කරන බවද ඔහු ප්‍රකාශ කළේ ය.  

එසේම මෙම වටපණු  හානිය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද(16) කළුතර මිල්ලනිය ප්‍රදේශයේදී පැවැත්වෙන බවද ඔහු ප්‍රකාශ කළේ ය.