පහරදීම් තුවාල සහිතව සොයාගෙන රෝහල්ගත කෙරුණු ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මියයයි

පහරදීම් තුවාල සහිතව සොයාගෙන රෝහල්ගත කෙරුණු ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මියයයි

පහරදීම් තුවාල සහිතව සොයාගෙන රෝහල්ගත කෙරුණු ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මියයයි

කර්තෘ Staff writer

16 Dec, 2022 | 6:08 am

COLOMBO ( News 1 st ) – කිසියම් පිරිසක් විසින් පැහැරගත් බවට සැක කරන රක්ෂණ සමාගමක සභාපතිවරයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතා මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ, නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ බොරැල්ල කනත්තේ සිය මෝටර් රථය තුල දෑත් ගැට ගසා ගෙල සිරකර සිටියදී ඊයේ(15) පස්වරු 3.00 ට පමණ ඔහු සොයා ගෙන ඇති බවයි.

දිනේෂ් ශාෆ්ටර් මහතා සිය බිරිඳට බොරැල්ල ප්‍රදේශයට යන බව පවසා ඊයේ(15) පස්වරුවේ නිවසින් පිටත්ව ගොස් තිබුණි.

පසුව බිරිඳ ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇතත් එය නාද නොවීම හේතුවෙන් බිරිඳ සොයා බැලීමේදි ඔහු බොරැල්ල කනත්තේ සිටින බවට ජංගම දුරකතනයට සංඥා ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ බිරිඳ  පසුව දිනේෂ් ශාෆ්ටර් මහතාගේ කාර්යාලයට දුරකත ඇමතුමක් ලබාගෙන ඒ බව පවසා තිබෙන බවයි.

කාර්යාල සේවකයා බොරැල්ල කනත්තට ගොස් සොයා බැලීමේදි දිනේෂ් ශාෆ්ටර් මහතා සිය මෝටර් රථය තුළ අත්බැඳ දමා සිටියදී සොයා ගෙන ඇති අතර කාර්යාල සේවකයා ඔහු කනත්තේ සේවකයෙකු සමග එක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

පසුව ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(15) රාත්‍රීයේදී ජීවිතක්ෂයට පත් වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]