.webp)
ඔහු මේ බව ප්‍රකාශ කළේ , රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකඡාවකට එක්වෙමිනි.
රොයිටර් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසා ඇත්තේ, ලබන වසරේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකමට අමතරව බහු පාර්ශ්වීය ණය ලබා ගැනීම මගින් තවත් ඩොලර් බිලියන 05 ක් සම්පාදනය කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
ජනාධිපතිවරයා ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට උනන්දුවන අතර එමගින් අපේක්ෂා කරන ඩොලර් බිලියන 03 ක පමණ මුදල ලබා ගැනීමට හැකිවුවහොත්, භාණ්ඩාගාරය සහ සංචිත ශක්තිමත් වනු ඇති බව මෙහිදී අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන ණය පහසුකම සඳහා එහි විධායක මණ්ඩලයේ අනුමැතිය ජනවාරි මාසයේදී ලැබෙනු ඇති බව පවසන අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉන්දියාව, චීනය, ජපානය සහ පෞද්ගලික ණය හිමියන්ගෙන් මුල්‍ය සුරක්ෂිතභාවය පිළිබඳ සහතික ලබා ගැනීමට රජය අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි.
විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියන් වන චීනය සහ ඉන්දියාවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සහතික අපේක්ෂාවෙන් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙන අතර මෙම රටවල් දෙකම ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියට මේ වන විටත් සහය දක්වා ඇති බව, පෙන්වා දෙන අමාත්‍යවරයා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, මේ වන විටත් ඊට අදාළ දත්ත හා ලිපිලේඛන එම රටවලට සම්පාදනය කර ඇති බවයි.
ලබන වසරේ මුල් කාර්තුවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ වෙනත් බහු පාර්ශ්වික නියෝජ්‍ය ආයතන මගින් අපේක්ෂිත සහය හිමිවීමත් සමග , යළි ආර්ථිකයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි.