.webp)
ඊයේ(14) පස්වරුවේ කොළඹ පැවති වරලත් ගණකාධිකාරී ආයතනයේ වාර්ෂික පර්යේෂණ සමුළුව අමතමින් ඔහු පෙන්වා දුන්නේ, අයි.එම්.එෆ් සහය ලැබුණත්,නොලැබුණත් සිදුකළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් කළ යුතු බවයි.
මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ,
ජපානය ඇතුළු පැරිස් සමාජයේ සාමාජිකයින්, ඉන්දියාව සහ චීනය ඇතුළු ද්වීපාර්ශ්වික ණය හිමියන් සමග මූල්‍ය සහතිකයක් ලබා ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි.
එසේම කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කර ඇති පරිදි මෙම සාකච්ඡා තුළින් තවමත් එකඟතාවකට පැමිණ නොමැති බවත්,
සාකච්ඡා ඔස්සේ යම් ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවත් ඔහු පැවසීය.
එළැඹෙන ජනවාරි මාසයේදී මෙම සාකච්ඡා සම්පූර්ණ කිරීමට අවශ්‍ය බවත් මෙම මාසයේදී එය සපුරා ගැන්මට නොහැකි වුවහොත් ඊළඟ මාසය වෙනකොට එය සම්පූර්ණ කිරීමේ හැකියාවක් පවත්නා බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.
අපිට කෙටිකාලීනව ආර්ථිකය ස්ථාවර කරගත හැකි වූවත්, දිගු කාලීනව ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවිය යුතු අතරම ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කළ යුතු බවයි.