බිත්තර පාලන මිලට එරෙහි පෙත්සම..

බිත්තර පාලන මිලේ ගැසට්ටුව අත්හිටවූ අතුරු තහනම් නියෝගය නඩුව අවසන් වනතුරු ක්‍රියාත්මකයි..

by Staff writer 15-12-2022 | 5:27 PM

COLOMBO ( News 1 st ) - පාරිභෝගික කටයුතු අධිකාරිය බිත්තර සඳහා පාලන මිලක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින්, තම අධිකරණය ඊයේ(14) නිකුත් කළ අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තුරු ක්‍රියාත්මක බව අභියාචනාධිකරණය අද(15) දැනුම් දෙනු ලැබීය. 

ඒ, බිත්තර සඳහා පැනවු පාලන මිලට එරෙහිව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අභියචානාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට තීරණය කරමිනි. 

සුදු බිත්තරයක් රුපියල් 42 ක් හා රතු බිත්තරයක් රුපියල් 44ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයි , පාරි‍භෝගික සේවා අධිකාරිය අද(15) අභියාචනාධිකරණයට දැනුම් දුන් අතර එම මිල ගණන් වලට එකඟ විය නොහැකි බව පෙත්සම්කාර පාර්ශවය කියා සිටියේ ය.

ඒ අනුව පෙත්සම විභාගය ලබන පෙබරවාරි 6 වැනිදා ආරම්භ කිරීමට වසන්ත ද සිල්වා සහ කේමා ස්වර්ණාධිපති යන විනිසුරු මඩුල්ල අද(15 ) නියෝග කරනු ලැබීය.