පහරදීමකින් තුවාල ලැබු දිනේෂ් දැඩි සත්කාර ඒකකයේ

ප්‍රමුඛ පෙළේ සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු වන දිනේෂ් ශාෆ්ට ප්‍රහාරයක්.

by Staff writer 15-12-2022 | 10:33 PM

COLOMBO ( News1 st ) - මෙරට ප්‍රමුඛ පෙළේ  සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරික පවුලක සාමාජිකයෙකු වන දිනේෂ් ශාෆ්ට මහතා කිසියම් පිරිසක් සිදුකළ  පහරදීමකින් සිදුවු තුවාල සහිතව අද(15) පස්වරුවේ බොරැල්ල ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

ඔහුගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ, ශාෆ්ට මහතා මේ වන විට කොළඹ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය.