ජනපති රනිල්ට එරෙහි පාස්කු නඩු බහා තැබේ.

ජනපති රනිල්ට එරෙහි පාස්කු වන්දි නඩු ධුරය දරන තෙක් බහා තැබීමට නියෝග

by Staff writer 15-12-2022 | 7:09 PM

COLOMBO ( News 1 st ) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පාස්කු  වන්දි නඩු ඔහු ජනාධිපති ධූරය දරන කාලසීමාවට පමණක් බහා තබන ලෙසට , මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා අද(15)  නියෝග කර තිබේ. 

ඒ, රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙනි. 

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකරවල දෙවන විත්තිකරු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර තිබේ.

කෙසේ වෙතත්,එම නඩුකරවල සියලු විත්තිකරුවන්ට එරෙහි නඩු බහා තබන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් කළ ඉල්ලීම මීගමුව අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළ අතර දිසා විනිසුරුවරයා නියෝග කළේ , රනිල් වික්‍රමසිංහ මහතා හැර අනෙකුත් සියලුම විත්තිකරුවන්ට එරෙහිව එම නඩු පවත්වාගෙන යාමටයි.