සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට ශල්‍යකර්මයක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට ශල්‍යකර්මයක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට ශල්‍යකර්මයක්

කර්තෘ Staff writer

15 Dec, 2022 | 2:19 pm

COLOMBO ( News 1 st ) – සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක මහතාට තියුණු ආයුධයකින් පහර දීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඩිලාන් සේනානායක මහතා තවදුරටත් කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර මෙම පහර දීම සිදුව තිබුණේ , නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඩිලාන් සේනානායක මහතාගේ කාර්යාලයේදීයි.

රාත්‍රී 9.00 ට පමණ ත්‍රිරෝද රථයකින්  පැමිණි මුහුණු ආවරණ සහිත පුද්ගලයින් දෙදෙනෙක් මෙම  පහර දීම සිදුකර තිබූ අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ ඩිලාන් සේනානායක මහතා සමග ඔහුගේ සහයකයා ද කාර්යාලයේ සිට ඇති අතර මෙම පුද්ගලයින් දෙදෙනා පැමිණි අවස්ථාවේ ඔහු මුළුතැන්ගෙට ගොස් තිබේ.

අදාළ පුද්ගලයින් දෙදෙනා ඩිලාන් සේනානායක මහතාගෙන් තමන් හඳුනාගත හැකිදැයි අසා එක් වරම දෑත් සහ පාදවලට පිහියෙන් ප්‍රහාර එල්ල කර තිබුණි.

පසුව ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයෙන්ම පළා ගොස් ඇති අතර තුවාල ලැබූ සේනානායක මහතා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඩිලාන් සේනානායක මහතාට ශල්‍යකර්මයක් ද සිදුකළ බවයි.

උණුසුම් පුවත්


සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ

කර්තෘ Staff writer

15 Dec, 2022 | 6:54 am

COLOMBO (News 1st) – සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායක මහතාට තියුණු ආයුධයකින් පහරදීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඔහු තවදුරටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ (14) රාත්‍රියේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

ඔහුගේ පාදයකට හා උරහිසට පහරදීමෙන් තුවාල සිදු ව ඇත.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]