.webp)
ඒ, එම අධිකාරිය පසුගිය අගෝස්තු 19වැනිදා, සුදු බිත්තරයක් රුපියල් 43 කට සහ රතු බිත්තරයක් රුපියල් 45කට අලෙවි කළ යුතු බවට නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමිනි.
එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් බිත්තර නිෂ්පාදන සංගමය ගොනු කර තිබූ පෙත්සමක් අද (14) කැඳවුයේ ප්‍රසන්න අල්විස් සහ කේමා ස්වර්නාධිපති යන විනිසුරු මඩුල්ල හමුවේදීයි.
පසුගිය දිනවල සියලුම බිත්තර නිෂ්පාදකයන් කැඳවා පාරිභෝගික සේවා අධිකාරිය මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව එම අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.
එහිදී කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව , සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව ඇතුළු අංශ ද සහභාගි කරවාගෙන බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, එම සාකච්ඡාවල ප්‍රතිඵල අනුව අද(14) පස්වරු 2.00 ට පාරිභෝගික සේවා අධිකාරියේ කවුන්සලය රැස්වී බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම මිලක් නියම කිරීම පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවයි.