ආයෝජන හරහා ආර්ථිකය ගොඩගන්න සූදානම්

ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනගනවා - ජනපති

by Staff writer 14-12-2022 | 8:45 PM

COLOMBO ( News 1 st ) - ණය බරින් නිදහස් වූ සහ ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනගන බව ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. 

ජනාධිපතිවරයා සඳහන් කළේ , රට බංකොලොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බවය. 

අද(14) කඩවත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් , ජනාධිපතිවරයා මේ බව කියා සිටි අතර යුද්ධයෙන් පසු ආර්ථික වැඩපිළිවෙළ වෙනස් නොකිරීම හේතුවෙන් , රට බංකොලොත්භාවයට පත්ව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. 

කෙසේ හෝ ආයෝජන අවස්ථා වැඩිකර , ලබන වසර වනවිට ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට අපේක්ෂා කරන බව , ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.